බොරැල්ලේ පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරමේ තැරව්කරු අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ සිදුකරගෙන ගිය බව කියන වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන නැත්තේ කොළඹ 15, කජීමාවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් බසීර් මොහොමඩ් රාජබ්දීන් නැමැති මෙම සැකකරු ඇඳුම් වෙළෙඳාම් කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී වකුගඩු ලබා ගැනීමක් සිදුකර මුදල් ලබා නොදීමක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු බොරැල්ල පොලිසියට පසුගිය දා පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අදාළ සැකකරු ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අදාළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසුවයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වකුගඩුව ලබාදෙන පාර්ශ්වය සහ වකුගඩුව ලබාගන්නා පාර්ශ්වය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කළ අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු තැරව් ගාස්තුවට අමතරව වකුගඩුව ලබාදෙන පාර්ශ්වයට ලබාදෙන මුදල් වලින් කොටසක් ද වංචාකර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (06) දින කොළඹ – අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28