ජොනී ඩෙප්ට එරෙහිව ඇම්බර් හර්ඩ් යළිත් නඩු මඟට

හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ් යළිත් වරක් ඇයගේ හිටපු සැමියා වන ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත නඩුවක් ගොනු කර තිබෙනවා.

තමන් විසින් මීට පෙර ගොනුකළ නඩුව වැරදි ප්‍රාන්තයේ අධිකරණයක ගොනුකර ඇති බව පවසමින් ඇය විසින් යළින් නඩුවක් ගොනු කිරීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

ජනප්‍රිය හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නඩුවක් වර්ජිනියා අධිකරණයේ මීට පෙර විභාගයට ගැනුණා.

ලොව පුරා ඉතා අවදානයකට ලක්වූ මෙම නඩුවේ තීන්දුව පසුගිය ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කළේ මෙම නඩුවේ විත්තිකරු වූ ජොනී ඩෙප් නිවැරදිකරු බවට පත් කරමින්.

එහිදී එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය නියෝග කළේ ජොනී ඩෙප්ට අපහාස කරමින් ඔහුගේ කීර්ති නාමය කෙළසීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15 කවන්දි මුදලක් ඩෙප්ට ලබාදිය යුතු බවට හර්ඩ්ට දන්වමින්.

කෙසේ වෙතත්, එම තීන්දුව ප්‍රකාශයට පත් කර මාස පහකට ආසන්න කාලයකට ගතවීමෙන් පසු ඇම්බර් හර්ඩ්, වර්ජිනියා අභියාචනාධිකරණයට ඩෙප්ට එරෙහිව නව අභියාචනයක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?