ජොනී ඩෙප්ට එරෙහිව ඇම්බර් හර්ඩ් යළිත් නඩු මඟට

හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ් යළිත් වරක් ඇයගේ හිටපු සැමියා වන ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත නඩුවක් ගොනු කර තිබෙනවා.

තමන් විසින් මීට පෙර ගොනුකළ නඩුව වැරදි ප්‍රාන්තයේ අධිකරණයක ගොනුකර ඇති බව පවසමින් ඇය විසින් යළින් නඩුවක් ගොනු කිරීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

ජනප්‍රිය හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නඩුවක් වර්ජිනියා අධිකරණයේ මීට පෙර විභාගයට ගැනුණා.

ලොව පුරා ඉතා අවදානයකට ලක්වූ මෙම නඩුවේ තීන්දුව පසුගිය ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කළේ මෙම නඩුවේ විත්තිකරු වූ ජොනී ඩෙප් නිවැරදිකරු බවට පත් කරමින්.

එහිදී එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය නියෝග කළේ ජොනී ඩෙප්ට අපහාස කරමින් ඔහුගේ කීර්ති නාමය කෙළසීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15 කවන්දි මුදලක් ඩෙප්ට ලබාදිය යුතු බවට හර්ඩ්ට දන්වමින්.

කෙසේ වෙතත්, එම තීන්දුව ප්‍රකාශයට පත් කර මාස පහකට ආසන්න කාලයකට ගතවීමෙන් පසු ඇම්බර් හර්ඩ්, වර්ජිනියා අභියාචනාධිකරණයට ඩෙප්ට එරෙහිව නව අභියාචනයක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48