හිඟන අලි ආණ්ඩුවට ගන්නේ නැහැ – රෝහිත අබේගුණවර්ධන (වීඩියෝ)

ශක්තිමත් අලි මිසක් හිඟන අලින් ආණ්ඩුවට සම්බන්ධ කරනොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මෙලෙස අදහස් පළ කළා.

“මෝටර් සයිකල් එකක් ගන්න කොට හෙල්මට් එකක් ගන්න ඕන. අලියෙක් ගන්න කොට අනිවාර්යයෙන්ම හෙණ්ඩුවක් ගන්න ඕන. අලියා විතරක් නෙමෙයි හෙණ්ඩුවත් එක්ක ගත්තේ. අලියත් ඉන්නවා හෙණ්ඩුවත් තියෙනවා. තව අලි පෝලිමේ එනවා. එතකොට අලි රෑනම අපි ළඟ. බයවෙන්න එපා.හොඳ අලි, අලින්ගෙත් වර්ග ඉන්නවා.අර උඩවලවේ ඉන්නවා හිඟන අලි එහෙම අලි නෙමෙයි. හොඳට කරඬුව අරගෙන යන ශක්තිවන්ත අලි තමයි ගන්නේ. එහෙම අලි තමයි දැන් ඇවිත් ඉන්නේ. හොඳම අලි ටිකක් ඉන්නවා. තිස්ස අත්තනායක, ඉමිතිසාය් බාකර් මාකර්, තලතා අතුකෝරාල ඔන්න හොඳ අලි ඇතින්නියෝ. හෙණ්ඩුව මෙහෙනම් ගත්තාම මෙල්ල කරගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ.”

https://youtu.be/FHU4_06WmcI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34