නව පරපුරට ධීවර තාක්ෂණය ඉගෙනගන්න ධීවර ඇකඩමියක් පටන් ගන්නවා

ධිවර තාක්ෂණය නව පරපුරට හැදැරිමට ධිවර ඇකඩමියක් ආරමිභ කිරිමට පියවර ගන්නා බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධිවර අමාත්‍යංශයට අයත් සිනොර් ආයතනයේ මට්ටක්කුලියේ පිහිටි බොට්ටු නිෂ්පාදනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට අද (3) එක්වෙමින් පැවසුවා.

මෙම ආයතනය සතුව නවින තාක්ෂණය සහා පුහුණු නිළදාරින් සිටින බැවින් ශ්‍රි ලංකාවේ විශාල ධිවර යාත්‍රා අලුත්වැඩියා කරන ආයතනය බවට මෙය පත් කරන ලෙසත් නාවික හමුදා යාත්‍රා ඇතුලු මුහුදේ දියත් කරන සියලු යාත්‍රා නිෂ්පාදනය කිරීමට හැකි ආයතනයක් බවට පරිවර්තනය කිරීම නොර්වේ රජය හා ජපානයේ ජයිකා ආයතනයේ ආධාර ලබා ගැනිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද දැනටමත් ජයිකා ආයතනය මුහුදු තාක්ෂණය හා යාත්‍රා නිෂ්පාදනයට අවශ්‍ය නව තාක්ෂණය ලබාදිම සදහා නව ඇකඩමියක් ආරම්භ කිරීමට ලබාදි ඇති ආධාර මුදල් යොදවා එම ආයතනය හැකි ඉක්මනින් ආරම්භ කිරීම පියවර ගන්නට නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සිනොර් ආයතනයේ නව සභාපති දුරන්ග හෙට්ටිආරච්චි මහතා, ආචාර්ය අන්ජන ලියනගේ මහතා සිනොර් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48