විදුලිබල ප්‍රතිසංස්කරණ සඳහා වන කමිටු වාර්තාව නාමල්ට

මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම වාර්තාවට පෙරේදා (28) කැබිනට් අනුමතිය ලැබුණු අතර, එය ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද ඊයේ (29) නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී.

දෛනිකව ඉහළ යන විදුලිබල අවශ්‍යතාව සැපිරීමට නොහැකිවීම නිසා ඇතිවන විදුලිය ඇනහිටීම් සහ විදුලි ගාස්තු අධික ලෙස ඉහළයාම ඇතුළු මෙරට විදුලිබල ක්ෂේත්‍රය මුහුණදී තිබෙන ගැටලු ගණනාවකට අදාළ විසඳුම් ඇතුළත් නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් වේ.

ඉහත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ් සම්බන්ද සිය අදහස් හා යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද  රාජපක්ෂ මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03