spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල ප්‍රතිසංස්කරණ සඳහා වන කමිටු වාර්තාව නාමල්ට

මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම වාර්තාවට පෙරේදා (28) කැබිනට් අනුමතිය ලැබුණු අතර, එය ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද ඊයේ (29) නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී.

දෛනිකව ඉහළ යන විදුලිබල අවශ්‍යතාව සැපිරීමට නොහැකිවීම නිසා ඇතිවන විදුලිය ඇනහිටීම් සහ විදුලි ගාස්තු අධික ලෙස ඉහළයාම ඇතුළු මෙරට විදුලිබල ක්ෂේත්‍රය මුහුණදී තිබෙන ගැටලු ගණනාවකට අදාළ විසඳුම් ඇතුළත් නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් වේ.

ඉහත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ් සම්බන්ද සිය අදහස් හා යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද  රාජපක්ෂ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?