දුම්බර බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කළ රැඳවියෙක් බන්ධනාගාර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (01) රාත්රී 8.30ට පමණ මෙම සිද්ධිය මහනුවර,දුම්බර බන්ධනාගාරයේදී වාර්තාවෙලා තියෙනවා.
බන්ධනාගාර නිලධාරීන්ගේ අණ නොතකා තාප්පයෙන් පැනයෑමට තැත් කිරිමේදී ඔහුට වෙඩි තැබු බවට බන්ධනාගාර නිලධාරින් ප්රකාශ කරනවා.
වෙඩි වැදුණු රැඳවියා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
මියගිය රැඳවියා, 27 හැවිරිදි මහනුවර, ගලගෙදර ප්රදේශයේ පදිංචිව සිටි අයෙක් බවට වාර්තාවෙනවා.
බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයා මේ බව තහවුරු කළ අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ පැවැත්වෙනවා.
