මෙරට ජ්යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්රාප්ත ජ්යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දක්වනු ලැබුවා.
ඔහුගේ දේහය තැන්පත් කර ඇති මහනුවර පෞද්ගලික මල්ශාලාව වෙත අද (01) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ සාමාජිකයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළා.
එම අවස්ථාවට මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග සහ නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන ද එක්ව සිටියා.
