මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස්. පතිරගේ මහතා පත්කරන ලදී. නව සභාපතිවරයා පසුගිය දා ආගමික චාරිත්‍රවලට මුල්තැනක් දෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ සිය කාර්යාලයේ දී වැඩ භාරගත්තේය.
 
සුපුන් එස්. පතිරගේ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් පාරිසරික ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයෙන්, පාරිසරික විද්‍යා සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ඇත. මේවනවිට ඔහු සබරගමුව විශ්වවිද්‍යලය සහ ජපානයේ කියෝෂ් විශ්වවිද්‍යාලය හා එක්ව පාරිසරික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. 
 
වැඩ භාරගැනීමෙන් අනතුරුව ඉහළ කළමනාකාරීත්වය ඇමතූ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඉදිරි පස් අවුරුදු කාලය සඳහාවන සංයුක්ත සැලැස්ම (Corporate Plane) අනුව කටයුතු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා කෙටිකාලීන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. එලෙසම පරිසර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
 
නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. ආර්. ආර්. රූපසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරයේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ නව සභාපතිවරයාගේ පවුලේ සමාජිකයෝ සහභාගී වූහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33