ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් සිදුව තිබෙනවා.
ඊයේ (29) දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.
වයි හුවාෂියැන්ග් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වනවා.
එහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජය අඛණ්ඩව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කරනු ලැබුවා.
මේ අතර, චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකරන ලද පොළොන්නරුව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහලේ පසුගියදා සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.













