පාකිස්ථානයේ නිරන්තර විරෝධතා – දේශපාලන අස්ථාවරත්වයේ පිළිබිඹුවක්ද ?

ඕනෑම රටක ජනතාව විරෝධතා දැක්වීම අසාමාන්‍ය දෙයක් නොවන අතර, එය ජනතාව සහ රජය අතර පවතින සම්බන්ධතාවයේ එක් කොටසක්.

එහෙත් පසුගිය දශකය පුරා විවිධාකාර ගැටලු මුල්කරගනිමින් දැවැන්ත විරෝධතා රැසක් පැවති පාකිස්ථානයේ තත්ත්වය සුවිශේෂී බව විශ්ලේෂණයකින් පෙන්වා දෙනවා.

දේශපාලන හා ආගමික ව්‍යාපාරවල සිට කාන්තා අයිතිවාසිකම්, ජනවාර්ගික ගැටලු, ආර්ථික දුෂ්කරතා, මැතිවරණ සහ කලාපීය ඉල්ලීම් දක්වා විවිධ කරුණු සම්බන්ධයෙන් පාකිස්ථාන ජනතාව අවස්ථා ගණනාවකදී වීදි බැස තිබෙනවා.

ඇතැම් විරෝධතා හේතුවෙන් රටේ සාමාන්‍ය ජනජීවිතය ද බරපතළ ලෙස අඩාල වී තිබෙනවා.

මෙම පසුබිම තුළ පාකිස්ථාන විපක්ෂයේ පාකිස්ථාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය, ජමාත්-ඊ-ඉස්ලාමි සහ ගොවි සංවිධාන සමඟ එක්ව ඉස්ලාමාබාද් වෙත පාගමනක් සංවිධාන කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කර තිබීමට විරෝධය පළ කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී හා දේශපාලන අයිතිවාසිකම් යළි තහවුරු කිරීම එහි ප්‍රධාන ඉල්ලීම් බව සඳහන්.

මෙම විරෝධතා හේතුවෙන් රාවල්පිණ්ඩි සහ ඉස්ලාමාබාද් නගරවල රථවාහන ගමනාගමනයට බාධා ඇතිවීමෙන් පාසල්, රෝහල් සහ වෙළෙඳපොළ කටයුතුද බලපෑමට ලක්විය හැකි බව සඳහන්.

එමගින් දිනකට පාකිස්ථාන රුපියල් බිලියන 120ක පමණ ආර්ථික අලාභයක් සිදුවිය හැකියි.

ආණ්ඩුවල පාලන දුර්වලතා සම්බන්ධයෙන් ජනතාව විරෝධය පළ කිරීමත්, එම විරෝධතා නැවත නැවත ඇතිවීමත් රටේ පාලන ක්‍රමය සහ ජාතික ස්ථාවරත්වය පිළිබඳ පුළුල් ප්‍රශ්න මතු කරන බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

ඒ අනුව, විවිධ සමාජ කණ්ඩායම් නැවත නැවතත් වීදි බැසීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වුවද, එය නිරන්තරයෙන් සිදුවීම රටේ පාලන ක්‍රමය ජනතාවගේ ගැටලු විසඳීමට කොතරම් දුරට සමත්වන්නේද යන්න පිළිබඳ ප්‍රශ්න මතු කරන බව විශ්ලේෂකයින්ගේ අදහසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57