ශ්රී ලංකා මහ බැංකුව මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්රතිපත්ති පොළී අනුපාතය දැනට පවතින 8.75% මට්ටමේ ම පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේ දී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ තිබෙනවා.
මේ අතර 2026 වසරේ පළමු අර්ධයේදී මෙරට ආර්ථිකය 4.7%ක සැබෑ වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.













