කිඹුලෙක් ඩැහැ ගැනීමෙන් කාන්තාවක් මරුට

මැණික් ගඟේ දිය නාමින් සිටි අවුරුදු 75ක කාන්තාවක් කිඹුල් පහරදීමක් හේතුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ඊයේ සවස් කාලයේදී කතරගම පොලිස් වසමේ දඹේ මාර්ගයේ පිහිටි මැණික් ගඟේ දිය නාමින් සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.

පොලීසිය වහාම ක්‍රියාත්මක වී වන ජීවී නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන් කැඳවා ප්‍ර දේශවාසින්ගේ සහාය ඇතිව මැණික් ගඟේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව කිඹුල් ග්‍රහණයේ තිබූ කාන්තාවගේ සිරුර සොයාගෙන තිබේ.