දිස්ත්‍රික්ක 06කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල හෙට (30) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (30) දිනයට අදාළව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.