ඇමති විජිත සහ ඉරාන විදෙස් ඇමති අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සෙයියද් අබ්බාස් අරග්රාචි සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් සිදුව තිබෙනවා.

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමී අමාත්‍යවරුන්ගේ මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී වත්මන් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ආතතීන් අවම කිරීම සහ සංවාදය හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග තුළින් ගැටුම් සාමකාමීව විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන ස්ථාවරය විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, කලාපීය ස්ථාවරත්වය කඩිනමින් යළි ස්ථාපිත කිරීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පවත්වාගෙන යාමට ද දිරිමත් කර තිබෙනවා.