රුපියල් ලක්ෂ 07 කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට

ඊයේ (19) දින පෑළියගොඩ පොලිස් වසමේ 04 කණුව ඉන්ධන පිරවුම්හල අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 480 ක් සන්තකයේ තබාගෙන සිටි වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ පොලිසිය සිදු කරයි