සම්බාහනයට මුවා වී කළ ජාවාරම

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස, සෙරමික් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් ඊයේ (30) වටලා තිබෙනවා.

මෙහිදී එහි කළමණාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් සහ ඊට සහාය දුන් සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වියේ පසුවන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 25 සහ 35 යන වයස්වල පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා බිබිල සහ තිහගොඩ යන ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා.

සැකකරු සහ සැකකාරියන් අද (01) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?