ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 31.88ක් අලාභ ලබන බවත් ලීටරයක් අලෙවි කිරීම වෙනුවෙන් රුපියල් 461.88ක් සංස්ථාවට වැය වුවත් ඒ සඳහා සංස්ථාව අය කරන මිල වන්නේ රුපියල් 430ක් බවයි ට්විටර් ගිණුමේ සටහනක් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන්නේ.
එමෙන්ම ඔක්ටේන් 92 හා 95 යන පෙට්‍රල් ලීටරයකින් සංස්ථාව ලබන ලාභය රුපියල් 77.35ක් හා රුපියල් 187.43ක් වෙයි. එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයකින් සංස්ථාව රුපියල් 48.3ක් ලාභ ලබයි.













