ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රි ලංකාවට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍යාධාර ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානී මසට්සුගු අසකාවා මහතා පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අමතමිනුයි ඒ මහතා මේ බව සදහන් කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට හා ජීවන තත්ත්වය නගාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක් ලබාදුන් බව ඒ මහතා සදහන් කළා.

ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුවේ දීර්ඝ කාලීන හවුල්කරුවෙක් බවත් ඔවුන්ට ඉදිරියේදී සහයෝගය ලබාදෙන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානී මසට්සුගු අසකාව මහතා වැඩිදුරටත් සදහන් කළා.