නීතිවිරෝධීව රැගෙන ආ කෝටි දෙකක රන් සමග භික්ෂුවක් අල්ලයි

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන, රන් ආභරණ ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ චිවරධාරියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඩුබායි නගරයේ සිට ඕමානයේ මස්කට් හරහා මෙරටට පැමිණි ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වු එම චීවරධාරියාගේ ගමන්මලු තුළ තිබී අදාළ භාණ්ඩ සොයාගත් බව ගුවන්තොටුපොළ රේගුව පැවසීය.

සැකකාර චීවරධාරියා විසින් ජංගම දුරකථන, ලැප්ටොල් පරිගණක, රන් බිස්කට් සහ රන් කැබලි ඇතුළු රුපියල් ලක්ෂ 225ක පමණ වටිනාකමින් යුත් භාණ්ඩ එලෙස මෙරටට රැගෙනවිත් තිබුණි. එම චීවරධාරියා 23 හැවිරිදි තිස්සමහරාම ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන බවට තොරතුරු ලැබී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?