තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි. තමන් කිසිදිනෙක දේශපාලනයට පිවිසීමට සිතුවිල්ලක් හෝ නොතිබූ නමුත් තමන්ට වූ අසාධාරණය හේතුවෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඇය කියා සිටියාය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කරන ලදී.
“දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට මේ වෙච්ච අසාධාරණය. මේ රටේ මට දැනෙනවා ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වලදී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න හදන රටක්, එතකොට පාට පක්ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා.
මම කියන්නේ නෑ ඒක හරියි කියලා, හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවද නැද්ද කියලා මටත් තීන්දුවක් ගන්න වේවී මේ යන විදියට, ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ කොහේද කියලා මම තීන්දුවක් ගනීවී, හරිම සාධාරණම තැනක හිටගන්න, සමහරවිට මම තවම තීන්දුවක් අරගෙන නෑ. හෙට දවසේ මම එහෙම තීන්දුවක් ගනීවී, මේ යන විදියට.”














okkotama issella mey ganige banku ginum pariksha karanna onyi koati keeyak langadi ekathu welaada balanna. dan eyaage ves moona galawilaa SJB eken p’liament ennayi lasthiya. kunuhabba Hirunikata ne ekathuwa thienne. niyama sakkara wattam deka – Sajithata hari ‘jolly’ athi. hee hee heeeeeeee