ළමයින් අතර පැතිරෙන රෝගයක්, දරුවන් පිටතට නොයවන්නයි නිවේදනයක්

මේවන විට ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම්, වැඩිහිටියන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.

ළඳරු වයසේ සිට අවුරුදු 6 , 7 දක්වා දරුවන් අතරේ මෙම රෝගය පැතිරෙයි.පහත රෝග ලක්ෂණ ඇත්නම් ඒ පිළිබද අවධානය යොමු කරන මෙන් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි

කට වටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි – අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි – කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි – වැලමිටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි – තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි

මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් පිටතට නොයවා දින කිහිපයක් දරුවා නිවසේ තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.