ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන දෛනිකව ලබාදීමට කටයුතු යොදා ඇති බව ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සභාපතීත්වයෙන් අද (21) පැවති ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙලෙස සාකච්ඡා සිදුව ඇති බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. මේ වසර අවසන් වන විට හඳුනාගෙන ඇති වැව් හාරදහසක මත්ස්‍ය පැටවුන් බෝකිරීමේ කටයුතු කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ධීවර සංස්ථා අලෙවිසැල් විවිධ ප්‍රදේශවල වැඩි වශයෙන් පිහිටුවීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කර තිබෙනවා.













