කොළඹ නාගරික මන්ත්රී සුනන්ද පතිරණ ඊයේ උදෑසන නාරාහෙන්පිට දාබරේ මාවතේ මාවතේ ප්රජා ශාලාව ඉදිරිපිට දී අහසට වෙඩි තබා තිබෙනවා.
ඒ වැලිගම ආරච්චිගේ සජිත් සුරංග නම් අයෙකු සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන්.
පොලිසිය ද පවසන්නේ ඔහු අහසට වෙඩි තබා ඇති බවයි.
පසුව නාගරික මන්ත්රීවරයා සහ තවත් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගෙන් විමසීමක් කළ අතර එහිදී නාගරිකව මන්ත්රීවරයා සම්බන්ධ සිදුවීම සත්යක් බව පිළිගත්තේය.
මේ සිදුවීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් පිරිසක් සොයා පොලිසිය සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කර ඇති බවයි පවසා සිටියේ