spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුන්ට සිදුකළ දැඩි අසාධාරණ ක්‍රියාවක් ගැන ස්ටාලින් කතා කරයි

අද ( 19 ) දිනයේදී පාසල් නිවාඩු ලබාදීම පාසල් සිසුන්ට සිදුකළ දැඩි අසාධාරණ ක්‍රියාවක් බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි

පැවති කොවිඩ් තත්ත්වය හා ඉන්ධන අර්බුදය නිසා සිසුන්ට අධ්‍යාපනය අහිමි වී තිබියදී ත් මෙවැනි නිවාඩුවක් තුලින් ලමුන් දැඩි බලපැමක් එල්ලවන බවයි ස්ටාලින් පවසන්නේ. පසුගිය කාලයේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබීම නිසා මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන විභාග දෙකක් කල් දමන ලෙස විවිධ පිරිස් යෝජනා කරමින් තිබියදී දේශපාලන වාසි ලබාගැනීම සඳහා අද දිනයේදී පාසල් වසා දැමූ බවද එම සංගමයේ කැදවුම්කරු ජෝශප් ස්ටාලින් මහතා පැවසීය . කෝවිඩ් තත්ත්වය තුළ හා ඉන්ධන අර්බුදය නිසා පසුගිය කාලයේදී සිසුන්ට පාසල් අධ්‍යාපනය අහිමි වූ බවත් , මේ නිසා ගුරු විදුහල්පතිවරුන් විසින් පාසල් විෂය මාලාව ඉගැන්වීම සඳහා විශාල කැපකිරීමක් සිදුකරමින් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය .

එසේම පවතින ආර්ථික අර්බුදය නිසා පාසල් සිසුන් පෝෂණ ගැටලුවලට මුහුණදී සිටියදී සවස් කාලයේදී සිසුන් වෙනුවෙන් ක්‍රීඩා කටයුතු සිදුකළ යුතු බවට ආණ්ඩුවේ අමාත්‍යවරුන් යෝජනා එවන් තත්ත්වයක් තුළ එක් පැයක් හෝ පාසල් පැවැත්වෙන දිනයක අධ්‍යාපනය අහිමි කිරීම සිසුන්ට සිදුකරන අසාධාරණ ක්‍රියාවක් බවද ජෝශප් ස්ටාලින් මහතා පැවසීය

එසේම පවතින ආර්ථික අර්බුදය නිසා පාසල් සිසුන් පෝෂණ ගැටලුවලට මුහුණදී සිටියදී සවස් කාලයේදී සිසුන් වෙනුවෙන් ක්‍රීඩා කටයුතු සිදුකළ යුතු බවට ආණ්ඩුවේ අමාත්‍යවරුන් යෝජනා කර තිබෙන අතර , එයට තම සංගමයේ විරෝධය පළ කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය .

පවතින ආර්ථික අර්බුදය නිසා පාසල් සිසුන්ට නිසි පෝෂණය සහිත ආහාර නොලැබී යාම් හා නිසි ලෙස ආහාර නොලැබීම පිළිබඳ හා ළමා මන්දපෝෂණ තත්ත්වයන් ඇති වෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය . පෝෂණ වැඩසටහන් යටතේ ආහාර ලබාදීම සිදුකරනු ලබන්නේ , ලක්‍ෂ 43 කට ආසන්න සිසුන්ගෙන් ලක්‍ෂ 11 කට අධික ප්‍රමාණයකට බවත් , පවතින තත්ත්වය තුළ සිසුන් ලක්‍ෂ 30 ටවත් ආහාර ලබාදිය යුතු තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?