පාසැල් සිසුන්ට නව අධ්‍යාපන ක්‍රමයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන්ට නව මොඩියුල ක්‍රමයක් ‍යටතේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබේ.

ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති වෙනමම මධ්‍යස්ථානයක් හරහා මෙම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.

පරිපාලන ප්‍රතිසංස්කරණ ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක වන අතර ඒ යටතේ දැනට පවතින කලාප අධ්‍යාපන කාර්යාල අනූ හය එකසිය විස්සක් දක්වා වැඩි කෙරේ.

ඒ අනුව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලින් සිසුන්ට පෙළපොත් වෙනුවට ලබා දෙන්නේ එක් එක් පාඩමට අදාළව සකස් කෙරෙන මෙම මොඩියුලයන් ය.මේ වන විටත් ශ්‍රේණි තුනකට අදාළ මොඩියුලයන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර අවසන් කර ඇත.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙතෙක් ක්‍රියාත්මක කරන ලද්දේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙනි.එම අමාත්‍යාංශය අහෝසිකිරීම හේතුවෙන් ඒ වෙනුවට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11