ශ්‍රී ලංකාව මේවන විට දැඩි අර්බුදකාරි තත්ත්වයක පසුවන බව ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළඳපොල අංශ ප්‍රධානී පීටර් බෲවර් කියා සිටියා.
ඔහු මේ බව පවසා සිටියේ බී. බී. සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඖෂධ, ඉන්ධන, අතවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බවත් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනිමට හැකි බවත්. ඒ සඳහා මුදල් අවශ්‍ය බවත් පීටර් බෲවර් පවසා සිටියා
එපමණක් නොව මුහුණදී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ලබා දෙන කාලසීමාව පමණක් නොව ඉන් පසුව ද ශ්‍රී ලංකා රජය මුල්‍ය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.














Yes. I watched that video.