ඊයේ (02) හබරාදුව පලුටුගහ, වාසනා හෝටලය ඉදිරිපිට දී මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ අරමුණින් මෙරට නිශ්පාදිත පිස්තෝල අවියක් හා ඒ සදහා යොදාගැනීමට T56 ජීව උණ්ඩ 02 ක් සහ හෙරොයින් ග්‍රෑම් 08, මිලි ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 42 ක, මැදවත්ත, තල්පෙ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හබරාදුව ප්‍රදේශයේ ලොරි රථයක් පැහැර ගැනීම, හබරාදුව ප්‍රදේශයේ මහජනතාවට හිරිහැර වන පරිදි කල කෝලහාල සිදුකිරීම, අම්පාර ප්‍රදේශයේ දී මහජන දේපල වලට හානි කරමින් කල කෝලහාල සිදුකිරීම, සහ මාතර ප්‍රදේශයේ ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් දැනට ගරු අධිකරණයේ නඩු විභාග වෙමින් පවති.













