හෙරෝයින් මත්කුඩු කිලෝ 111 ක් ප්‍රවාහනය කල සුඛෝපභෝගී මෝටර් රථය

මාතර වැලිගම ප්‍රදේශයේ දී හෙරෝයින් මත්කුඩු කිලෝ 111 ක තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය භාරයට ගත් සුඛෝපභෝගී මෝටර් කාර් රථය මුදල් විශුද්ධි කිරීමේ වැළැක්වීමේ පනත යටතේ තහනමට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි

2020 නොවැම්බර් 20 වෙනි දින පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම මහා පරිමාණ මත්කුඩු වැටලීම කර තිබූ අතර එහිදී අත්අඩංගුවට ගත් පොලිසිය කිවේය .

වැටලීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදු කළ විමර්ශන වලදී එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.එහිදී හොරෙයින් මත්කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිටි අංගොඩ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණු අතර සිදු කළ දීර්ඝ විමර්ශනයේදී එම පුද්ගලයා මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීමෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගන්නා මුදල් යොදවා මෙම මෝටර් රථයේ මිල දී ගෙන තිබුණු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් එම මෝටර් රථය කොළඹ 6 කිරුලපන හයිලෙවල් පාර ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සලකින් 2020 ජූලි මස 27 වෙනි දින රුපියල් 39 ලක්ෂ 96000 ක මුදලක් ගෙවා මිලදීගෙන තිබුනේ අංගොඩ තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයකු ගේ නමට බව සිදු කළ දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එකී මෝටර් රථය කිසියම් පුද්ගලයකුට විකිණීම හෝ පැවරීම හෝ වෙනයම් ක්‍රියාදාමයක් කිරීම වළක්වන නියෝගය එම කොට්ඨාස නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරිවරයා ගේ අත්සනින් යුතුව මෝටර් රථයේ වර්තමාන ලියාපදිංචි කරුවන අංගොඩ තල්ගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයා වෙත ක්‍රියා විරහිත කිරීමේ ලිඛිත නියෝගය භාරදුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

පොලිස්පති තුමාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, මහතාගේ මෙහෙයවීමෙන්,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගිතාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ( පාලන හා විමර්ශන) අනුර පේමරත්න, පොලිස් පරීක්ෂක රොෂාන් රොෂාන් උදයංග ,පොලිස් සැරයන් 61772 ගුණසේකර මහත්තුරු පරීක්ෂණ පවත්වයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39