අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි 

2022 අතුරු අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 05ක් හිමිවිය.

43 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියහ.කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පතට සමගි ජන බලවේගය ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, පසුගියදා ආණ්ඩු පක්ෂයෙන් වෙන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු 13 න් දෙනාගේ කණ්ඩායම ද මෙම පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් වැළකී සිටියා.

අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ආර්ථික අර්බුදය විසඳීමට සාම්ප්‍රදායික මතවලින් ඉවත් විය යුතු බවය.

ජනාධිපතිවරයා ඉදිරිපත්කළ අයවැය යෝජනා කෙටියෙන්…

* 2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීම.

* වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

*විදෙස් ආයෝජන සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති ගෙන ඒම.

*අදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරනවා.

*අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවස්ථාව දෙනවා.

*ප්‍රමුඛ කේෂ්ත්‍ර සඳහා අරමුදල් යොදවනවා.

*රාජ්‍ය වියදම් ක්‍රමවේදය හොඳින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති හඳුන්වා දීමට කටයුතු කරනවා.

*රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ශනයට පියවර ගන්නවා.

*රාජ්‍ය සේවකයින් හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

*පොසිල ඉන්ධන භාවිත කරන වාහන රාජ්‍ය ආයතන සඳහා මිලදී ගැනීම අත්හිටුවනවා.

* විදුලිය මගින් ක්‍රියාකරන වාහන පමණක් රාජ්‍ය සේවා සඳහා යොදාගැනීමට පියවර

*එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 1 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළට.

*ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා කරනවා.

*රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රු.මි 200ක් වෙන් කෙරේ.

*රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැරකිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණයට රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනවා.

*නව මහ බැංකු පනත ක්‍රියාත්මක කිරීම.

*පීඩාවට පත්වුවන්ට ඉදිරි මාස සඳහා ද සහනාධාරය නොකඩවා ලබාදෙනවා.

*ගැබිනි මව්වරුන්ට දැනට ලබාදෙන රු 20,000ට අමතරව රු 2,500ක අතිරේක දීමනාවක්.

* ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් සඳහා ඉදිරි මාස 4ට රු. 10,000ක් ලබාදෙනවා.

*වතු ජනතාවට සහනාධාර ලබාදීම.

*හිඟයකින් තොරව ගෑස් ලබාදෙනවා. ඒ සඳහා රු බි 25 මුදලක් වෙන් කරනවා.

*භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර.

*වැඩිහිටි, ආබාධිත පුද්ගලයින් සඳහා රු 5,000ත් 7,500ත් අතර දීමනාවක්.

*ආර්ථික ස්ථායීකරණයට අදාළ පනත් කොටුම්පත් රැසක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට.

*කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට නව තාක්ෂණය යොදාගැනීම හා තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොදාගැනීමට පියවර‍.

*රැකියා විරහිත කණ්ඩායම් වෙත අක්කර 20ක ඉඩම් ලබාදීමට පියවර.

*දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර.

*දේශගුණික බලපෑම් අවම කරගැනීමට සුදුසු පියවර කඩිනමින් ගැනීම.

*ශ්‍රී ලංකාව තුළ විදේශ සිසුන්ට අධ්‍යාපන පහසුකම් ලබාදීමට ශාඛා විශ්වවිද්‍යාල ඇති කිරීමට පියවර.

*කොතලාවල විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගලට.

*නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවල සේවය කරන අයට වැඩිදුර පුහුණුවක්.

*ස්වයං රැකියා සඳහා විධිමත් පුහුණුවක් හා සහතියක් ලබාදීමට කටයුතු කිරීම තුළින් රැකියා සුරක්ෂිතතාවය ඇති කිරීම. 
රු. මි. 200ක් ඒ සඳහා වෙන් කිරීම.

*දුම්රිය යොදාගෙන භාණ්ඩ ප්‍රවාහනය ට නැඹුරු වීම.

*කලාපීය වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට නැවත උත්සාහයක් ගන්නවා.

*එතෙර ශ්‍රී ලාංකීකයින් සඳහා කාර්යාලයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා.

*දේශීයව පාපැදි නිෂ්පාදනය දිරි ගැන්වීම හා විදුලි පාපැදි කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනයට බදු සහන.

*2025 ප්‍රාථමික ආර්ථික අතිරික්තයක් ඇති කරගැනීම අරමුණයි. 2026 ස්ථාවර ආර්ථික ඇති කරගැනීම අපේක්ෂාවයි.

*2025 ප්‍රාථමික ආර්ථික අතිරික්තයක් ඇති කරගැනීම අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39