එක්සත් රාජධානිය ද මෙරටට සහාය දැක්වීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපැතුම් පණිවුඩයක් එවමින් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය සියලු කටයුතු කිරිමට ජනාධිපති දරන උත්සාහය පැසසුමට ලක් විය යුතු බවයි
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වය බවයි.













