එළබෙන නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ප්‍රවාහන අපහසුතා හේතුවෙන් අනුයුක්ත ලබාගත් ගුරුවරුන්ට එම අනුයුක්ත පසුගිය (31) වනදායින් අවසන් වීමට නියමිතව තිබුණත්, එම පාසල්වල විදුහල්පතිවරුන්ගේ එකඟතාව ඇත්නම් පමණක් අදාළ පාසලේ ලබන දෙසැම්බර් (31) වනදා තෙක් සේවය කළ හැකි අතර ගර්භණී ගුරුවරියන් වෙත ලබාදෙන අනුයුක්ත, වෛද්‍ය වාර්තා මගින් සනාථ වන සෞඛ්‍ය හේතූන් මත දෙනු ලබන පාසල්වල සේවා අවශ්‍යතා පදනම් කරගනිමින් ගුරු ස්ථාන මාරුවීම් ලබාගත හැකිවනවා













