මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන පොළොන්නරුව – බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) සංවිධායකවරයා ලෙස පත් වීම භාර ගනිමින් අද නිල වශයෙන් දේශපාලන කරළියට පා තබනු ලැබුවා.
මෙම තනතුරට අදාල පත්වීමේ ලිපිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අතින් ලබා ගන්නා ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණා. එම ජායාරූපය සමග සටහනක්ද තබා තිබුණේ තමා කෙරෙහි විශ්වාසයය තැබූ සියලු දෙනාගේ විශ්වාසය උපරිම අයුරින් ආරක්ෂා කරමින්, නිදහස් පක්ෂය විසින් ලබාදුන් වගකීම ඉටුකරමින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් සිදු කරන බවයි.













