අද රාත්‍රියේ සිට ඉදිරි දින දෙක සඳහා අදාළවන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි එම නිවේදනයේ සදහන් වන්නේ.ඒ අනුව එම ද්‍රෝණිවල පදිංචි ජනතාව අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.














