ගෙවල් ඉඩම් ලබා දෙනවා යැයි කියා මුදල් වංචා කර පොලිසියට කට්ටි පනිමින් සිටින හිමිනමක් ගැන විමර්ශන සිදුකරන බව මොරටුව පොලිසිය(29 වැනිදා ) පැවසී ය.
පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම හිමිනම දිවයිනේ බොහෝ දෙනෙකුට මෙලෙස මුදල් වංචා කර ඇතිඅතර මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා දෙනවා යැයි පවසා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන වංචාකරඇති බව ගුරුවරියකගෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කීවේය.
සූරියවැව නමන ගස් වැව ප්‍රදේශයෙහි විහාරස්ථානයක වැඩවසන මෙම හිමිනම කාන්තාවන් ඇසුරු කර ඔවුන්ට මෙලෙස ගෙවල් ඉඩම් ලබා දෙන බව පොරොන්දු ලබා දෙමින් මුදල් ගෙන ඇත.













