රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය විසින් විදේශ රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂා කරන අය විසින් පිරවිය යුතු පෝරමයේ පිටු ගනන අඩු කිරීමට විදේශ කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තීරනය කර තිබෙනවා.
ඒ අනුව මෙම අයදුම් පත්‍රයේ පිටු සංඛ්‍යාව පිටු 4 සිට 2 දක්වා අඩු කර ඇති අතර මුද්‍රණ කටයුතු සඳහා එම නව පෝරමය රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා තිබෙනවා.
අමාත්‍යංශය විසින් බලාපොරොත්තු වන්නේ මේ තුලින් අයදුම් පත්‍රය මුද්‍රණය කිරීමේ පිරිවැය සියයට 50කින් පමන අඩු කර ගැනීමටයි.













