පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ(28)මත්කුඩු ජාවාරමේ යෙදුනු හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙදාහැරීමට සූදානම් කර තිබූ අයිස් සහ හෙරොයින් පැකට් තොගයක්ද ඔවුන් සමග තම භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
සැකකරුවන් යාපනය ග්‍රාන්ඩ්පාස් බොරැල්ල සහ නිට්ටඹුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි වැඩිදුරටත් පොලීසිය සඳහන් කලේ.
මේ අතර මේ දිනවල විශේෂ මෙහෙයුමක් බුද්ධි අංශ,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කොට්ටාස මට්ටමින් සංවිධානාත්මක අපරාධකරුවන් අතඩංගුවට ගැනීමට දියත්කල බව පොලීසිය සඳහන් කලා.
මෙම මෙහෙයුම දියත්කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්,කොල්ලලෑම් සහ මේ දිනවල වාර්තාවන වෙඩිතබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහායි.













