9 හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගනී

නූරිය කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව දිය ඇල්ලේ දිය නාමින් සිටි කුඩා දැරියක් දියේ ගිලී මිය ගොස් තිබේ.

ඊයේ (04) උදැසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

දැරිය තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් දැරණියගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 9 හැවිරිදි අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.