අදත් තැන තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ (21) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුය පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුය නිවේදනය කරයි.

මේ අතර ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ඊයේ (20) ප.ව. 11.30 වනවිට, ගිණිකොනදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් දූපත් මුහුදු ප්‍රදේශයට ආසන්නව උතුරු අක්ෂාංශ 11.3ත් නැගෙනහිර දේශාංශ 93.4ත් (11.3ණ්, 93.4E) ආශ්‍රිතව කේන්ද්‍රගතව පවතී.

එම පද්ධතිය අන්දමන් දූපත් ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට සහ ඊළඟ පය 12 තුළදී සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුය පවසයි.

ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ, නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 07ත් 16ත් අතර සහ නැගෙනහිර දේශාංශ 90ත් 99ත් අතර මායිම්වන ගිනිකොනදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට (07ණ්-16ණ්, 90E-99E) යාත්‍රා නොකරන ලෙසය.

මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි අනාවැකි පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වහාම ජාතික වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න
06:31
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:46
Video thumbnail
බලශක්ති ඇමතිව ඉවත් කරන්න සූදානම්..?
06:24
Video thumbnail
කුරුණෑගල තොග වෙළඳ මධ්‍යස්ථානය බලන්න ඇමති වසන්ත යයි
03:24
Video thumbnail
අලි සබ්රි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:33
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27