නේපාලයේ නව අගමැති දිවුරුම් දී හෝරා කිහිපයක පසු හිටපු අගමැති අත්අඩංගුවට

බාලේන්ද්‍ර ෂා නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී හෝරා කිහිපයකින් පසු එරට හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේපාලයේ පසුගිය වසරේ පැවති Gen Z (ජේන් සී) විරෝධතා සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

භක්තපූර් හි ගුන්ඩු හි පිහිටි ඔහුගේ නිවසේ දී නේපාල පොලිසිය විසින් කේ.පී. ෂර්මා ඔලී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සමඟ ඔහුගේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලී සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛැක්ට ජේන් සී විරෝධතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය වසරේ තරුණයන්ගේ මූලිකත්වයෙන් ඇති වූ විරෝධතාවලින් පසු නේපාලයේ පැවති පළමු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්, දේශපාලනඥයෙකු බවට පත් වූ රැප් ගායක බාලේන්ද්‍ර ෂා එරට අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (27) දිවුරුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23