ජංගම රථයකින් ගිහින් වැඩි මුදලකට තෙල් බෙදලා – ජාවාරම්කරු අත්අඩංගුවට (ඡායාරූප)

නීති විරෝධීව ඉන්ධන ගබඩාකර ජංගම රථයකින් වැඩි මුදලකට ඉන්ධන විකිණූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඹේපුස්ස ප්‍රදේශයේ දී ජංගම රථය ද සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනේ ඇති අතර, එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 1,020ක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

කැබ් රථයක පිටුපස විශේෂ ටැංකියක් තබා ඊට ඉන්ධන පුරවා, ගැනුම්කරුවන් අසළටම රැගෙන ගොස් අධික මිලට ඉන්ධන අලෙවි කිරීම මෙම පුද්ගලයා විසින් මහා පරිමාණයෙන් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය පෙන්නුම් කරන මීටරයක් ද ජංගම රථය තුළ සවිකර තිබූ බව පොලිසිය සදහන් කරනවා.

වරකාපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (28) දින වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Image 2026 03 28 at 7.34.29 AM 1
WhatsApp Image 2026 03 28 at 7.34.29 AM
WhatsApp Image 2026 03 28 at 7.34.28 AM 1
WhatsApp Image 2026 03 28 at 7.34.28 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15