කැබ් රථයක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් අඹුසැමි යුවළක් මරුට – පහකට තුවාල

මහියංගනය පොලිස් වසමේ මහියංගනය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගිරාඳුරුකෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියැදුරු, කැබ් රථ රියැදුරු සහ එහි පසුපස ගමන් ගත් පුද්ගලයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති ආතර්, ඔවුන් වයස අවුරුදු 57 ක් සහ 44ක් වයසැති අඹුසැමි යුවළක් බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ යුවළ මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මහියංගනය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32