65න් විශ්‍රාම යෑමේ කාලය දිර්ඝ කිරීමේ තීරණය වෙනස් කරන්න – ආණ්ඩුවෙන්ම යෝජනාවක්

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා දීර්ඝ කිරීමේ තීරණය ක්‍රියාත්මක වන නිෂ්චිත දිනයක් මෙතෙක් තීරණය කර නැතැයි රජය පවසනවා. අයවැයෙන් පසු බොහෝ දෙනා ප්‍රශ්ණ කළේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ වන්නේ කවදා සිටද යන්න පිළිබඳවයි.

ඒ අනුව සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් විමසීමක් කළා. එහි ලේකම් ජේ ජේ රත්නසිරි තහවුරු කළේ කුමන දිනයක සිට එම තීරණය ක්‍රියාත්මක වන්නේදැයි තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා දීර්ඝ කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම අවුරුදු 65 දක්වා වැඩි කිරීමට ගත් තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ අද පාර්ලිමේන්වේදී ඉල්ලීමක් කළා. ඒ, අයවැය දෙවන වර කියවීමේ අවස්ථාවේ පළමු දින විවාදයට අද එක් වෙමින්.

මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවේ වයස අවුරුදු 60න් පසුව දිගටම වයස අවුරුදු 65 දක්වා සේවයේ යෙදෙනවාද නැද්ද යන තීරණය ගැනීමේ අයිතිය රාජ්‍ය සේවකයින්ට ලබාදීම සිදුකළ යුතු බවට තමන් යෝජනා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජයටම කරගෙන ගිය තහනම් මල් වගාවක් කොටුවෙයි
01:17
Video thumbnail
මල්වාන සිද්ධිය පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
03:55
Video thumbnail
ගම්පහ - ජා ඇල ප්‍රධාන පාර තවමත් ජලයෙන් යටවෙලා
01:08
Video thumbnail
හොරු අල්ලන්න මංකොල්ලකාරයන්ට භාරදීලා තියෙන්නේ
03:19
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56