6 දෙනෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ පුද්ගලයන් 6 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේදී 2003 වසරේ අප්‍රේල් මස 14 වන අලුත් අවුරුදු දිනයේ 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමයි මෙම පුද්ගලයන්ට එරෙහි චෝදනාව වූයේ.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ හම්බන්තොට ගොන්නොරුව සහ කැටැන්වැව ප්‍රදේශවල පදිංචි 6 දෙනෙකුටයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 21 දෙනෙකු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එම නඩු විභාගයේදී චූදිතයින් 6 දෙනෙකු ඝාතනයට වැරදිකරුවන් බවටයි අනාවරණ වූයේ.

ඒ අනුව එම පුද්ගලයන් 6 දෙනාට මෙලෙස මරණ දඬුවම නියම කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
6
+1
89
+1
8
+1
11
+1
7
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03