Empty Ad
AFC Banner
Empty Ad

53 වන සේනාංකයේ ගුවන් බළකාය කොළඹට කැඳවයි

දිවයිනට ම ඇඳිරි නීතිය පැනවීමත් සමග යුද්ධ හමුදාව සතු සුවිශේෂී බළඇණියක් වන 53 වන සේනාංකයට අනුයුක්තව සිටින ‘ගුවන් සංග්‍රාමික බළ සේනාව’ කොළඹට කැඳවීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම කැඳවීම සිදු කර ඇති බව ද එම ආරංචි මාර්ගයන් කියා සිටී. 

ගුවනින් ගොස් ත්‍රස්තයන් මැඩලීම සඳහා සුවිශේෂී පුහුණුවක් ලත් මෙම බළ සේනාව කොළඹට කැඳවා ඇත්තේ ඕනෑ ම හදිසි තත්ත්වයකට මුහුණ දීමට බව ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුවන් සංග්‍රාමික බළ සේනාවට ඕනෑ ම අවස්ථාවකදී ගුවන් හමුදාවෙන් සටනට අවශ්‍ය හෙලිකොප්ටර් යානා ලබාගත හැකි වන අතර එම යානාවල නියමුවන් ලෙස ද කටයුතු කරනු ලබන්නේ ගුවන් හමුදා සංග්‍රාමික බළ සේනා සෙබළුන් වීම ද විශේෂත්වයකි. 

ඉහළ අහසේ සිට පැරිෂුට්වලින් ආයුධ අතැතිව සතුරන් ගැවසෙන භූමියට කඩා වැදීමට, ලණු ආධාරයෙන් ඕනෑ ම සතුරු ඉලක්කයක් වෙත බැසීමට හා උඩු ගුවන් සහ පාබළ ක්ෂණික ප්‍රහාරයන් එල්ල කිරීමට පුහුණුව ලත් මෙම බළ සේනාව දෙවන වන්නේ යුද්ධ හමුදා කමාන්ඩෝ සහ විශේෂ බළකාවලට පමණක් බව ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බළ සේනාව වර්ෂ 1994 මැයි 1 වන දින එවකට ලුතිනන් කර්නල්වරයෙකු වූ එම්.එස්. හලංගොඩගේ සංකල්පයකට අනුව පිහිටුවනු ලැබී ය.

යුද්ධ හමුදා ඉතිහාසයේ සුවිශේෂී ම මෙහෙයුම ලෙස සැලකෙන ‘රිවිරැස, ජයසිකුරු, කිණිහිර’ මෙන් ම යුද්ධය පැවති අවසාන මානුෂීය මෙහෙයුමේදී ද උතුරු-නැගෙනහිර ත්‍රස්තයන් වෙත ගුවනින් ප්‍රහාර දියත් කළ බළ සේනාවක් ලෙස මෙය හැඳින්වේ.

එසේ ම මෙම බළ සේනාවේ බළ සේනාධිපතිවරුන් ලෙස වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන් ම යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.

උපුටා ගැනීම “අද” පුවත්පතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:02:56
Video thumbnail
🔴විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි - හොඳ හොඳ සෙල්ලම් එළියට එන COPE කමිටු රැස්වීම සජීවීව
02:33:58
Video thumbnail
අද කෝප් කමිටුවේ හොඳම ටික මෙන්න - ජගත් මනුවරණට මේවා දැකලා හොඳටම මල
27:04
Video thumbnail
විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි
08:53
Video thumbnail
කෝප් සභාපතිට අද හොඳටම තදවෙයි - මේක ගෙදර කියලා හිතුවද ඔයාලා
03:23
Video thumbnail
ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්
00:50
Video thumbnail
හත්තිලව්වේ තාම බැරිවුණා පොල් ගෙඩියේ මිල ඉහළ යන එක නවත්තගන්න
00:24
Video thumbnail
නුවන් බෝපගේගෙන් පොලීසියට ලොකු බාල්දියක්
00:54
Video thumbnail
ජනපති දිසාපතිවරුන්ට දුන්නු ඔවදන #anurakumaradissanayake
01:31
Video thumbnail
සජබයේ මුජිබර් සජබය අත හැර මාලිමාවට එක්වෙයි - පාර්ලිමේන්තුවේදී දැනුම් දෙයි
16:31

?