53 වන සේනාංකයේ ගුවන් බළකාය කොළඹට කැඳවයි

දිවයිනට ම ඇඳිරි නීතිය පැනවීමත් සමග යුද්ධ හමුදාව සතු සුවිශේෂී බළඇණියක් වන 53 වන සේනාංකයට අනුයුක්තව සිටින ‘ගුවන් සංග්‍රාමික බළ සේනාව’ කොළඹට කැඳවීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම කැඳවීම සිදු කර ඇති බව ද එම ආරංචි මාර්ගයන් කියා සිටී. 

ගුවනින් ගොස් ත්‍රස්තයන් මැඩලීම සඳහා සුවිශේෂී පුහුණුවක් ලත් මෙම බළ සේනාව කොළඹට කැඳවා ඇත්තේ ඕනෑ ම හදිසි තත්ත්වයකට මුහුණ දීමට බව ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුවන් සංග්‍රාමික බළ සේනාවට ඕනෑ ම අවස්ථාවකදී ගුවන් හමුදාවෙන් සටනට අවශ්‍ය හෙලිකොප්ටර් යානා ලබාගත හැකි වන අතර එම යානාවල නියමුවන් ලෙස ද කටයුතු කරනු ලබන්නේ ගුවන් හමුදා සංග්‍රාමික බළ සේනා සෙබළුන් වීම ද විශේෂත්වයකි. 

ඉහළ අහසේ සිට පැරිෂුට්වලින් ආයුධ අතැතිව සතුරන් ගැවසෙන භූමියට කඩා වැදීමට, ලණු ආධාරයෙන් ඕනෑ ම සතුරු ඉලක්කයක් වෙත බැසීමට හා උඩු ගුවන් සහ පාබළ ක්ෂණික ප්‍රහාරයන් එල්ල කිරීමට පුහුණුව ලත් මෙම බළ සේනාව දෙවන වන්නේ යුද්ධ හමුදා කමාන්ඩෝ සහ විශේෂ බළකාවලට පමණක් බව ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බළ සේනාව වර්ෂ 1994 මැයි 1 වන දින එවකට ලුතිනන් කර්නල්වරයෙකු වූ එම්.එස්. හලංගොඩගේ සංකල්පයකට අනුව පිහිටුවනු ලැබී ය.

යුද්ධ හමුදා ඉතිහාසයේ සුවිශේෂී ම මෙහෙයුම ලෙස සැලකෙන ‘රිවිරැස, ජයසිකුරු, කිණිහිර’ මෙන් ම යුද්ධය පැවති අවසාන මානුෂීය මෙහෙයුමේදී ද උතුරු-නැගෙනහිර ත්‍රස්තයන් වෙත ගුවනින් ප්‍රහාර දියත් කළ බළ සේනාවක් ලෙස මෙය හැඳින්වේ.

එසේ ම මෙම බළ සේනාවේ බළ සේනාධිපතිවරුන් ලෙස වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන් ම යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.

උපුටා ගැනීම “අද” පුවත්පතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50