“ඇමරිකාවේ ස්වර්ණමය යුගය දැන් ඇරඹුනා” – ජනපති ධුරයේ දිවුරුම් දෙමින් ට්‍රම්ප් කියයි

ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් ඊයේ (20) දහවල් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා.

වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේ දී පැවති මෙම දිවුරුම්දීමේ උත්සවය අමෙරිකානු සම්ප්‍රදාය අනුව පැවැත් වුණා.

ඇමරිකානු සම්ප්‍රදාය අනුව ජනාධිපති පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුව ද පවතින අධික ශිත කාලගුණය හේතුවෙන් මෙවර එය කැපිටල් ගොඩනැගිල්ල තුළ පැවැත්වීම ද විශේෂත්වයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීමට පෙර උප ජනාධිපතිවරයා වශයෙන් ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ට්‍රම්ප්ගේ ආධාරකරුවන්, කැබිනට් නාමයෝජනා ලැබූවන් සහ හිටපු ජනාධිපතිවරුන් සහභාගී වී සිටියා.

දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ, ඇමරිකාවේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වී ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ ඉතිහාසයේ වඩාත්ම හිංසනයට පත් වූ ජනාධිපතිවරයා තමන් බවත්, එක් අවස්ථාවක තමන්ගේ ජීවිතය පවා උදුරා ගැනීමට උත්සාහ කළ බවයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ අරඹමින් විධායක ක්‍රියාමාර්ග කිහිපයකට අත්සන් තබා ඇති බව වාර්තා වනවා.

නිල වශයෙන් පත්වීමෙන් පැය කිහිපයකට පසු ඔහු අත්සන් කළ විධායක ක්‍රියාමාර්ග අතරට හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රතිපත්ති 78ක් අවලංගු කිරීම ද ඇතුළත්.

එමෙන්ම 2021 වසරේ ජනවාරි 06 වන දින කැපිටල් කෝලාහල සම්බන්ධයෙන් 1,500 දෙනෙකුට සමාව නිකුත් කරන බව ද ට්‍රම්ප් එහිදී සඳහන් කිරීම ද විශේෂත්වයක්.

එමෙන්ම ඇමරිකානු දකුණු දේශසීමාවේ ‘ජාතික හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට අත්සන් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අමතරව ට්‍රම්ප් විසින් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (ඩොජ්) නිර්මාණය කිරීමේ නියෝගයට ද අත්සන් තබා ඇති අතර, එහි ප්‍රධානියා ලෙස ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක්ට හිමිව තිබෙනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00