කඳානේ දෙදෙනෙක් පිහිවලින් ඇනගෙන – අයෙක් මරුට අනෙක් තැනැත්තාට බරපතලයි

කඳාන, නාගොඩ ප්‍රදේශයේ දී ඊයේ (20) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල් ගත කළ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 31ක අයෙක් වන අතර, තුවාලකරු වයස අවුරුදු 29ක තැනැත්තෙක්.

ඔවුන් දෙදෙනාම කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු හා තුවාලකරු දෙපාර්ශවයේ පුද්ගලයන් වන අතර, පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර සිදුවූ පිහි ඇනුම්වලින් මෙලෙස එක් පුද්ගලයෙකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21