එඬේරමුල්ලේ දී කෝච්චි පෙට්ටියක් හදිසියේ ගිනි ගනියි ?

මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය එඬේරමුල්ල ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගනී

මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙනවා.

අද (20) පස්වරුවේ මෙම සිදුවීම සිදු ව ඇත්තේ එඬේරමුල්ල ප්‍රදේශයේ දී බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් අදාළ දුම්රියෙහි එන්ජිමෙහි ඇති වූ කාර්මික දෝෂයක් සමග දුම් ජාලාවක් නිකුත් වීමත් සමග දුම් රිය ධාවනය නැවතීමට එහි රියදුරු කටයුතු කර තිබෙනවා.

අදාළ සිදුවීම වූ ස්ථානයට එඬේරමුල්ල පොලිස් නිලධාරින් ද ගොස් ඇති අතර කඩිනමින් මගීන් අදාළ අවදානම් කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා.

කෙසේවෙතත් ඉන් දැඩි දේපොළ හෝ ජීවිත හානි හෝ තුවාල කිසිවක් සිදු වී නැති බවත් එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අප කළ විමසීමක දී තහවුරු කළා.

රාගම දුම්රිය අංගනයෙන් දුම්රිය එන්ජිමක් පැමිණ කාර්මික දෝෂයට ලක් වූ එන්ජිම ඉවත් කර, නව එන්ජිම සවිකිරීමෙන් පසු ගමනාන්තය ඇරඹූ බවත් පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56